fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1558 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 30, 2020 08:50

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්දහස් පන්සිය පනස් අට දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (29) දිනයේ නව ආසාදිතයින් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1558 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. එම ආසාදිතයින් 28 දෙනාට නාවික හමුදා සාමාජිකයන් 17 දෙනෙකු ඇතුළත්. සෙසු ආසාදිතයින් 11 දෙනා විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන් වනවා.

ඉන් 08 දෙනෙකු කටාර් රාජ්‍යයේ  සිටත් එක් අයෙක් රුසියාවේ හා තවත් දෙදෙනෙකු කුවේට් රාජ්‍යයේ සිටත් පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගයින් 09 දෙනෙකු ඊයේ (29) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 754 දක්වා ඉහළ ගියා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 30, 2020 08:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්