හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව ඒ මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ අභියාචනාධිකරණය හමුවේයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙනුයි රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. ඔහුගේ ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූවා.
එහිදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විරෝධතා ඉදිරිපත් කරමින් එය නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේ. මෙම පෙත්සම පිළිබඳ විභාගය ජුනි මස 11 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියෝග කළා.