fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනියි

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 13:51

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ගත්තා. රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී, නුවර කළාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑය වැදපුදා ගත්තා.
පසුව අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැදපුදා ගත්තා.
මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා, පරිසර හා වනජිවී සම්පත්, ඉඩම්හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා, හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා,හිටපු උතුරු මැද පළාත් අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 13:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්