fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළු කොටියා මියයයි

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 12:57

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වලමලෙයි වත්තේ මන්දකට හසු වි සිට මුදාගනු ලැබූ කළු කොටියා අද (29) උදැසන මියගොස් ඇති බව නල්ලතන්නිය  වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

නල්ලතන්නිය වාලමලෙයි වත්තේ එළවලු වගාගොවිපලක අටවා තිබූ මන්දකටයි මෙම කලුකොටියා හසුවී තිබුණේ. කලු කොටියා පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවන පශූ වෛද්‍ය රෝහල රැගෙන ගියා. මන්ද ඇටවූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී මෙම කළු කොටියා අද මියගිය බවයි උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ. මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතව තිබෙනවා.

ශ්‍රීපාද රක්ෂිත ප්‍රදේශයේ කලු කොටීන් 05 දෙනෙකු පමණ වාසය කරන  බවට වනජීවී නිලධාරීන් සොයාගත්තා. මෙම  මන්දට හසු වූ කොටියා අවුරුදු 08 ක් පමණ වයසැති දිගින් අඩි 08 ක් සහ උසින් අඩි 04 ක් පමණ වන පිරිමි සතෙකු බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. මෙම සත්වයින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයකු බවයි හඳුනාගෙන තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්