fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහල්, එළවළු හා පළතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමට සැරසෙයි

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 11:54

සහල්, එළවළු හා පළතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එළවළු හා පළතුරු ප්‍රවාහනයේදී විශාල නාස්තියක් සිදුවන අතර අධික පිරිවැයක් දැරීමට ව්‍යාපාරිකයන්ට සිදුව තිබෙනවා. එම තත්ත්වය පාලනය කර ගනිමින් දුම්රියෙන් එකවර විශාල භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට හැකිවීම පශු අස්වනු නාස්තිය අවම කර ගැනීමට උපකාරි වන බවයි හෙළිව ඇත්තේ.

ඒ අනුව යාපනය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, පුත්තලම, නුවරඑළිය හා බෙලිඅත්ත වැනි ප්‍රදේශවල සිට එම නිෂ්පාදන දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ තොරතුරු හෙළි කෙරුණා.

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්