fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට දැන් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 775යි

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 11:15

කොරෝනා ආසාදිතයන් 1530 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 61ක්.

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1530 දක්වා ඉහළ යද්දී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 745 ක්.

ඊයේ දිනයේ ද රෝගීන් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. තවත් රෝගීන් 775 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 68ක්.

මේ අතර ඊයේ දිනයේදී පී සී ආර් පරික්‍ෂණ එක්දහස් හත්සිය දහතුනක් සිදු කළ බව සෞඛ්‍ය අංශ පවසනවා.

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්