නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ මන්දට හසු වූ කලු කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇත් අතුරු සෙවනට රැගෙන ගියා. මන්ද ඇටවූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලු කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවන පශූ වෛද්‍ය රෝහල වෙත රැගෙන ගිය බව නල්ලතන්නිය වනජීවී කාර්යාලය සඳහන් කළා.
නල්ලතන්නිය වාලමලෙයි වත්තේ එළවලු වගාගොවිපලක අටවා තිබූ මන්දකටයි මෙම කලුකොටියා හසුවී තිබෙන්නේ. කලුකොටියා නිර්වින්දනය කර මන්දෙන් මුදා ගැනීමෙන් පසු මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුවයි උඩවලව ඇත්අතුරු සෙවනට යොමු කෙරුණේ. මන්ද ඇටවූ සැකකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු අද දිනයේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රීපාද රක්ෂිත ප්‍රදේශයේ කලු කොටීන් 05 දෙනෙකු පමණ වාසය කරන බවට වනජීවී නිලධාරීන් සොයාගත්තා. මෙම මන්දට හසු වූ කොටියා අවුරුදු 08 ක් පමණ වයසැති දිගින් අඩි 08 ක් සහ උසින් අඩි 04 ක් පමණ වන පිරිමි සතෙකු බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. මෙම සත්වයින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයකු බවයි හඳුනාගෙන තිබෙන්නේ.