සිපෙට්කෝ නාමය යටතේ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිශ්පාදනය කළ ඉහළම ප්‍රමිතියෙන් යුතු කෘමිනාශක ඇතුළු කෘෂි නිශ්පාදන මාලාවක් යළි ආරම්භ කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා.
වගා කටයුතුවල නිරතව සිටින ගොවි ජනතාවට ඉහළ ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් භාවිත කරන කෘමි නාශක සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති නිසා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට දශක දෙකකට පමණ ඉහතදී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සිපෙට්කෝ වෙළෙඳ නාමය යටතේ උසස් ප්‍රමිතියේ කෘමි නාශක නිශ්පාදනය කළා. පසුව එම නිශ්පාදන පුද්ගලික අංශය සිදුකිරීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව නිශ්පාදන කාර්යයෙන් ඉවත් වුණා. මෙරට තුළ කෘමිනාශක නිශ්පාදන සිදු කිරීමෙන් විදෙස් රටවලට ඇදී යන විශාල මුදල් සම්භාරයක් රටතුළ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජතෙල් ගබඩා පර්යන්තය එක්ව නිශ්පාදනය කළ විෂබීජ නාශක දියර රාජ්‍ය ආයතන ආරක්ෂ හා සෞඛ්‍ය අංශ සදහා පසුගිය දිනවලදී ලබා දීම සිදු කෙරුණා.