fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගේ අලුත් වැඩක් නිසා බ්‍රිතාන්‍යයේ කොරෝනා අඩුවෙන ලකුණු

ITN News Editor
By ITN News Editor මැයි 28, 2020 09:13

වෛරස ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් රැඳී සිටින ස්ථාන හඳුනා ගැනීමේ නව ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.

වෛරසය ආසාදනය වූවන්ගේ පවුලේ සාමාජිකයින්, සමීපතමයින් පිළිබඳ තොරතුරු ජාල ගත කෙරෙන අතර ඔවුන් ගමන් කරන ස්ථාන සමීපව නිරීක්ෂණය කිරීමට නව ක්‍රමවේදය යටතේ පහසුකම් සැලසෙනවා. දුරකථන ඇමතුම් , කෙටි පණිවුඩ හෝ වට්ස්ඇප් , වයිබර් යන එක් ක්‍රමයකින් ඔවුන් රැඳී සිටින ස්ථාන පිළිබඳ දත්ත රැස් කිරීම සිදුවනවා. මේ හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීම 5% සිට 15% දක්වා අඩුවිය හැකි බවටයි විද්‍යාඥයින් විශ්වාසය පළකරන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2020 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්