කෝවිඩ් 19 වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස සැලකෙන නවසීලන්තයේ වෛරස ආසාදිත සියලු රෝගීන් මේ වන විට සුවය ලබා ඇති බව වාර්තාවනවා.
රෝහල් ගතව සිටි අවසන් රෝගියා ද පූර්ණ සුවය ලබා ඊයේ පිටත්ව ගියා. නවසීලන්තයේ කෝවිට් 19 වෛරස ආසාදිතයන් 1500ක පිරිසක් වාර්තා වූ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 21 ක්. ගත වූ දින 5 තුළ එරටින් කිසිඳු නව ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.