වසර 18 කට පසු දිල්ලියේ උෂ්ණාධිකම දිනය අද වාර්තා වුණා.
දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් ලෙස සටහන්ව තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මැයි මාසයක දිල්ලි නගරයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ දිනය ලෙස මීට පෙර වාර්තා වී තිබුණේ 2002 වසරේ මැයි මස 19 වන දිනයි. අධික උෂ්ණත්වය හේතුවෙන් දෛනික කටයුතු පවා අඩපන වී ඇති බවයි වාර්තා වන්නේ.