fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත සේනාරත්න ලබන මස 10 වනදා දක්වා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2020 16:01

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින්නේ. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප ඉල්ලීම සිදු කළා. එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩු කටයුත්තේදී අතීතයේ උද්ගත වූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම ඇප ඉල්ලීම සළකා බැලීම සඳහා වෙනත් විනිසුරුවරයකු හමුවට යොමු කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මෙම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත යොමු කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කටයුතු කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති නඩු ගොණු නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍යවරයා තවදුරටත් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2020 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්