ඇමෙරිකා අජටාකාශගාමීන් දෙදෙනෙකු රැගත් SpaceX යානය අද අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි.
ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් යන ඇමෙරිකා ජාතිකයන් දෙදෙනා පෘථිවියේ සිට කිලෝමීටර 400 ක් පමණ ඉහළින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ පර්යේෂණාගාරය බලා පෘථිවියෙන් අද පිටත් වීමට නියමිතයි. විවිධ රටවල අභ්‍යවකාශගාමීන් වරින් වර එහි යමින් ඉදිරි පර්යේෂණ කටයුතුවල නිරත වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.