රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇප ඉල්ලීම සළකා බැලීම වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද තීරණය කළා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින්නේ. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප ඉල්ලීම සිදු කළා.
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩු කටයුත්තේදී අතීතයේ උද්ගත වූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම ඇප ඉල්ලීම සළකා බැලීම සඳහා වෙනත් විනිසුරුවරයකු හමුවට යොමු කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා. මෙම ඉල්ලීම කෙරෙහි කණගාටුව පළ කර සිටි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඕනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තමාට විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කර සිටියා.ඒ අනුව මෙම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කටයුතු කළා.