fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින උණහපුලු පැටවෙකු නවගත්තේගම ප්‍රදේශයෙන් හමුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2020 15:04

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ක්‍ෂීරපායී සත්වයෙකු වන උණහපුලු පැටවෙකු නවගත්තේගම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. මවගෙන් වෙන්ව සිටි මෙම පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි පැවසෙන්නේ.

වහපිටිය ප්‍රදේශයේ ඉඩමක සිටියදී සොයා ගත් මෙම උණහපුලු පැටවා වනජීවී නිලධාරීන්ට භාර දීමටයි ඉඩම් හිමියන් කටයුතු කර ඇත්තේ. මාස 3 ක් පමණ වයසැති දිගින් අගල් 6 ක් පමණ වන මෙම පැටවා නිකවැරටිය වෛද්‍ය ඒකකයට භාර දීමට නවගත්තේගම අඩවි වන නිලධාරී කාර්යාල කාර්ය මණ්ඩලය කටයුතු කළා. මෙරටට ආවේණික සත්ත්වයෙකු සේ සැලකෙන උණහපුලුවා වයඹ හා උතුරු මැද පළාත් ආශ්‍රිතව වියළි කලාපයේ දැකගත හැකියි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2020 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo