කොළඹ ප්‍රදේශයේ කොටු වී සිටි තවත් පුද්ගලයන් දෙදහසක් ගම්බිම් බලා පිටත් කර හැරීමට පියවර ගැනුණා.
ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල රැඳී සිටි දෙදහසකට අධික පිරිසක් ගම්බිම් කරා පිටත් කර හැරීම සිදුකෙරුණේ පිළියන්දලදීයි. බස් රථ 40 කින් ඔවුන් මෙසේ පිටත් කර හැරුණේ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්. අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වයෙන් වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවුණ අතර එම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.