ගෙවී ගිය පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 6977 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එමෙන්ම එරට මරණ 154 ක් ද ඊයේ වාර්තා වීමත් සමඟ එරට නව්‍ය කොරෝනා මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉන්දියාව ලොව නව්‍ය කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත් වූ රටවල් 10 අතරට එක් වී තිබෙනවා.
මෙම තත්ත්වය සමඟ ඉන්දියාව ද අද සිට අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කළා. කෙසේ වෙතත් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ගුවන් ගමන් සිදු කෙරෙන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.