දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පළමු හරිත ගොවිබිම් සංවර්ධන ව්‍යාපෘතිය අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාවට නංවා ඇති හරිත ගොවිබිම් සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කාබනික පොහොර භාවිතයෙන් දේශීය ආහාර නිෂ්පාදන වගාවන් සිදු කිරීමයි.
රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් හරිත ගොවිබිම් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මෙතෙක් වගා නොකළ ඉඩම් මේ සඳහා යොදා ගැනෙන අතර ඉගුරු , කහ , මඤ්ඤොක්කා , බඩඉරිඟු වැනි වගාවන් සිදු කිරීමට නියමිතයි. වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ , පරිසරවේදී තිලක් කන්දේගම යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙහි ආරම්භක අවස්ථාවට එක්ව සිටියා.