ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ බ්‍රසීලයෙන්.
ඊයේ දිනයේදී පමණක් එරට මරණ 703 ක් සිදුවුණා. නව්‍ය කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේ ද බ්‍රසීලයයි.
මෙවැනි තත්ත්වයක් තිබියදී එරට ජනාධිපති ජයිර් බොල්සනාරෝ තම ආධාරකරුවන් සමඟ රැළියකට එක්වන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද නොතකමින් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර විවේචනයට ද ලක්වුණා. මෙම තත්ත්වය යටතේ එරට සෞඛ්‍ය ලේකම්වරයා ද ධුරයෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.