fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ සිටි සිසුන් 181 දෙනෙකු දිවයිනට

ITN News Editor
By ITN News Editor මැයි 25, 2020 09:41

රුසියාවේ සිටි සිසුන් 181 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම දිවයිනට පැමිණියා.

අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට ගොස් සිටි මෙම සිසුන්ට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටියා. විදේශවල සිටින පිරිස් ගෙන්වා ගැනීම සඳහා රජය ආරම්භ කළ වැඩසටහන් යටතේ 181 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ගුවන්තොටුපොළේ සිදුකෙරුණු පරීක්‍ෂණ කටයුතුවලින් පසු මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා.

මේ අතර දිවයිනට පැමිණ සිටි විදෙස් ගත ශ්‍රමිකයන් 160 දෙනෙකු දකුණු කොරියාව බලා හෙට උදෑසන පිටත්ව යාමට නියමිතයි. මෙම පිරිස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටව යන අතර පළමු වරටයි මත්තල සිට දකුණු කොරියාව බලා ශ්‍රමිකයන් රැගත් ගුවන් යානයන් පිටත්ව යන්නේ. කොරෝනා ව්‍යසනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යාම තාවකාලිකව නතර කර තිබුණා. හෙට සිට එය යළි ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2020 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්