කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු සුවය රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඉන් 7 දෙනෙකු නාවික මහරෝහලින් ද දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද එක් අයෙකු IDH රෝහලින්ද මෙසේ පිටව ගිය බවයි නාවික හමුදාව පවසන්නේ.
මෙම දස දෙනා ද සමඟ මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 293 ක්.