රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්රයේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා. ඒ මෙරට රෙදිපිළි නිෂ්පාදකයින්ගේ සංගම් සාමාජිකයින් සමඟ විජේරාම නිලනිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
දේශීය අත් යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයට ආදේශක විදේශයෙන් ආනයනය කිරීම හේතුවෙන් සිය කර්මාන්තය විශාල ලෙස බිඳ වැටීමකට ලක්ව ඇති බව රෙදිපිළි නිෂ්පාදකයින් මෙහිදී පෙන්වා දුන්නා. රජයේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඇගලුම් හා ආහාර නිෂ්පාදන ක්ෂේත්රයන්ට පසුව මෙර විශාලම නිෂ්පාදන ක්ෂේත්රය පේෂ කර්මාන්තය බව ද ඔවුන් සඳහන් කළා.
රටතුළ පේෂ කර්මාන්ත ආයතන 1504 ක් පවතිනවා. එහි සේවක සේවිකාවන් 50870 ක් සිටින බව පෙන්වා දුන් එම සමිති නිලධාරීන් සඳහන් කර සිටියේ ඔවුන්ට අප්‍රේල් මස වැටුප ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් පවතින බවයි. රජය විසින් ගැසට් කරන ලද බැංකු ණය පහසුකම් ලබාදීම ප්‍රමාදවීම, දැනට ලබාගෙන ඇති ණය ගෙවා දැමීමේ සහන කාලය 2021 අප්‍රේල් මස 30 දක්වා දීර්ඝ කිරීම හා දැනට රජය විසින් නතර කර ඇති ඇගලුම් ආනයනය 2021 අප්‍රේල් මස දක්වා දීර්ඝ කිරීම යන ඉල්ලීම් ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා. මොවුන්ගේ ඉල්ලීම සළකා බැලූ අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථීවේදීම මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට දුරකතනයෙන් අමතා ශ්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදකයින්ගේ සමිති සාමාජිකයින් සමඟ සාකච්ඡා කර එම ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස උපදෙස් ලබා දුන්නා.