fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තැනින් තැන වැසි

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 12:52

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

වැසි තත්ත්වය:  
පුත්තලම සිට කොළඹ සහ  ගාල්ල  හරහා හම්බන්තොට දක්වාවනමුහුදු ප්‍රදේශවල  ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වියහැක.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිවු දක්වා සහ මාතරසිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. (50-55) දක්වා වැඩි වියහැක.
මුහුදේ ස්වභාවය:
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහාමුලතිවු දක්වා සහ  මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.  ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්