fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

PCR 50,000 ක් සිදුකරද්දී, කොරෝනා රෝගීන් හමුවී ඇත්තේ 1,068 ක් පමණයි

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 11:58

ඊයේ දිනයේදී පමණක් පීසීආර් පරීක්ෂණ 1,970 ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ වනවිට පීසීආර් පරීක්ෂණ 50,000 ක් සිදුකර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

කොරෝනා රෝගීන් 1,068 දෙනෙකු වාර්තා වෙද්දී 620 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 439 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. 110 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේයි. බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවූවද පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්