fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CID සහ TID ප්‍රධානීන් අලුත් වෙයි – පොලීසියේ ඉහළ පුටු රැසක් මාරුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 11:37

පොලිස් කොමිසමේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව අනුව සේවා අවශ්‍යතාව මත උසස් පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයට ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ආර් පී ජේ අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ද පත්කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ටී ජී එන් ඩබ්ලිව් ඩී තල්දූව මහතා පත්කර ඇත්තේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසයි.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්