fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීටියාගොඩ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කාන්තාවක ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 13:32

මීටියාගොඩ පොලිස් වසමේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණා. ඇළ මාර්ගයක් මුල්කර ගනිමින් මෙම ගැටුම හටගෙන තිබෙනවා.

මීටියාගොඩ පොලිස් වසමේ වාචිස්සර මාවතේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඇළ මාර්ගයක් සම්බන්ධයෙන් අසල්වැසියෙකු ප්‍රශ්න කිරීමත් සමගයි මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ගිය කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීමෙන් එම කාන්තාව මියගියා.

කාන්තාවට පහරදුන් පුද්ගලයා තවත් පස්දෙනෙකුට ද තුවාල සිදුකර තිබෙනවා. ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතුරින් එක් අයෙකු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්