බැංකොක්හි පැවති ධරණීය සංවර්ධනය පිළිබද හත්වන ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වයට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි.
නව්‍ය කොරෝනා තත්ත්වය හමුවේ ධරණීය සංවර්ධනය සදහා වූ හත්වන ආසියා පැසිෆික් සංසදය පැවැත්වුණේ තායිලන්තයේ බැංකොක් නුවරදීයි.
එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මෙන්ම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි සමන්තා කේ ජයසූරිය මහත්මිය මෙම සංසදයේ සභාපතිවරිය ලෙස ඒකමතිකව තේරී පත්වුණා. ඇය ඉදිරි වසරක කාලය සදහා මෙහි සභාපතිත්වය උසුලනු ඇති.
ආසියා පැසිෆික් කලාපයේ 2030 දරණීය සංවර්ධන න්‍යාය පත්‍රිය ක්‍රියාත්මක කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග යන තේමාව යටතේයි සංසදය පැවැත්වුණේ.