fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට එජාප මහලේකම්ගෙන් පෙත්සමක්

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 19:15

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු මාස 3ක් ඉක්මවා යන තෙක් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මාර්තු මස දෙවනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස පෙත්සම මඟින් අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලීමක් කර තිබෙනවා. 8 වන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු 9 වන පාර්ලිමේන්තුව තෝරා ගැනීමට අදාළව මහ මැතිවරණය ජුනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළ බව පෙත්සමේ සඳහන් වනවා. එම මැතිවරණ දිනය පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ සිට මාස තුනකට පසු දිනයක් වන බැවින් මැතිවරණ කොමිසමේ තීරණය නීති විරෝධී බවයි පෙත්සම්කරු සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්