fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළෙඳපොළේ සහල් හිඟයක් මවන වීමෝල් මාෆියාවක් ගැනත් දැඩි සැකයක්

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 19:10

සහල් හිඟයක් නිර්මාණය නොකර සහල් තොග වෙළෙඳපොළට නිකුත් කරන ලෙස අමාත්‍ය එස්එම් චන්ද්‍රෙස්න මහතා වී මෝල් හිමියන්ට දැනුම් දෙනවා.

මේ අතර වී මෝල් හිමියන් පාලන මිලට යටත්ව වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන බවයි වෙළෙදුන් පෙන්වා දෙන්නේ.

කොවිඩ් 19 වෛරසය මෙරට ව්‍යාප්තිය ආරම්භවීමත් සමඟ වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමක් පෙන්නුම් කළා. මේ හේතුවෙන් සහල් , පරිප්පු , සැමන් ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සදහා පාලන මිලක් නියම කිරිමට රජය පියවර ගත්තා. ඒ අනුව කිරි සම්බා කිලෝවක් සඳහා රු 125ක සිල්ලර මිලක් නියම කෙරුණා. නාඩු  සහ සම්බා සඳහා රුපියල් 90 ක් ද සුදු සහ රතු කැකුළු සහල් සඳහා රු 85ක උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

කෙසේ වෙතත් පසුගිය දිනවලදී පාරිභෝගික අධිකාරයේ නිලධාරින් කොළඹ හරස්විදිය ආශ්‍රීත වෙළෙඳසැල් වැටලීමට ලක්  කළා. එහිදී පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ සහ තොග සඟවා තැබූ ව්‍යාපාරිකයිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරුණා.

අද වන විට ඇතැම් ප්‍රදේශවල සම්බා සහ නාඩු සහල්වල හිඟයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. එහෙත් සහල් අලෙවිකරුවන් පවසන්නේ අවශ්‍ය තොග ඇනවුම් කළද ඒවා ලබා ගැනීමට නොහැකි බවයි. එලෙස ලබා ගන්න තොගවලට වැඩි මිල ගණන් ලබා දිය යුතු බවද ඔවුන් පවසනවා. සහල් හිඟයක් වෙළෙඳපොළ තුල පැවතිය ද කීරි සම්බා අවශ්‍ය තරම් තොග පවතින බවයි වෙළෙදුන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්