fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලිගාවත්තේ සල්ලි දන්සලේ පොරකෑමෙන් තුනක් මරුට – 04කට බරපතලයි – 06 ක් අත්අඩංගුවේ

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 18:34

මාලිගාවත්ත ජුම්මා මස්ජීඩ් පල්ලිය අසලදී සිදු වූ තෙරපීමකින් කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කොළඹ ජාතික රෝහල් වාර්තා සඳහන් කළා.

මෙම පල්ලිය අසල නිවසක් තුළ මුදල් බෙදාදීමකදී මෙම තෙරපීම සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මාලිගාවත්ත ජුමාමා මස්ජීඩ් පල්ලිය අසළ නිවසකදී  දෙහිවල ප්‍රදේශයේ පදිංචි  ව්‍යාපාරිකයකු රාමසාන් උත්සවය වෙනුවෙන් මුදල් බෙදා දීමක් සිදු කර තිබෙනවා. එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 5000ක මුදලක් ලබා දී ඇති අතර තුන්සීයකට අධික පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි බව සඳහන්. එවැනි විශාල පිරිසකට එම ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව ද පොලිසිය සඳහන් කළා. එමෙන්ම මෙවැනි අධාර බෙදා දීමක් සම්බන්ධයෙන් පොලිසිය හෝ වෙනත් අදාළ කිසිඳු පාර්ශ්වයක් දැනුවත් කිරීමට ද පියවර ගෙන නැති බවයි වාර්තා වුණේ. බොහෝ පිරිසක් මුදල් ලබා ගැනීම සඳහා  එකවර නිවස තුලට යාමට උත්සාහ දැරීමේ දීයි තෙරපීම සිදුව තිබෙන්නේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ කාන්තාවන් තුන් දෙනාම වයස අවුරුදු 65 ඉක්ම වූවන් බව පොලිසිය ප්‍රකාශ කළා.අදාළ සිද්ධියෙන් පසු ජුම්මා මස්ජීත් මාර්ගයෙන් කොළඹට ඇතුළුවීම සහ පිටවීම ද තාවකාලිකව නතර කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙකු මාලිගාවත්ත පොලිසිය මඟින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනුනා. නිරෝධායන නීතීන් කඩකිරීම ඇතුළු චෝදනා යටතේ මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 18:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්