fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ක්‍ෂේත්‍රය සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස්

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 19:10

ක්‍රිකට් ක්‍ෂේත්‍රය සම්බන්ධ ජාතික වැඩපිලිවෙලක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ. ක්‍රිකට් ක්‍රිඩාවට අදාළ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර මසක් ඇතුළත තමන් වෙත ලබා දෙන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන්නා.

ක්‍රිකට් ක්‍රිඩාව මෙන්ම අනෙකුත් ක්‍රිඩාවන්ද වැඩිදියුණු කළ යුතුබව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රිඩා සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි සඳහන් කළේ.

හෝමාගම දියගම ක්‍රිඩාංගනයේ ඉදිකිරිම් පිළිබඳවද මෙහිදි අවධානය යොමු වුණා. යෝජිත දියගම ක්‍රිකට් ක්‍රිඩාංගනය ඉදි කිරිම වෙනුවට පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රිඩාව වැඩිදියුණු කිරිමට සහ පහසුකම් වර්ධනය කළ යුතු ක්‍රිඩාංගන වැඩිදියුණු කිරිමට අග්‍රාමාත්‍යවරයා මෙහිදි තීරණය කළා. ඒ ප්‍රවිණ ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සහ ක්‍රිඩා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවිණයින්ගේ අදහස් සැලකිල්ලට ගැනිමෙන් පසුවයි.

රොෂාන් මහානාම , මහේල ජයවර්ධන ,සනත් ජයසුරිය, කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් ප්‍රවිණයින්ගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමල් රජපක්ෂ සහ තිලංග සමතිපාල යන මහත්වරුන්ද මෙහිදි අදහස් දැක්වුවා.

 

 

 

 

 

 

.

.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්