එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
කාර්යාල සේවකයන් පස් දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන්නේ.
තානාපති කාර්යාලය වසා දමා ඇති කාලය තුලදී [email protected]යන විද්‍යුත් තැපැල් ලිපිනය මඟින් හෝ ගාස්තු රහිතව දුරකතන අංක 800119119 ඔස්සේ සම්බන්ධ විය හැකියි. ක්ෂණික ඇමතුම් අංකය කාර්ය බහුල විය හැකි බැවින් අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ ද සම්බන්ධවන ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙනවා.