ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා අමරපුර නිකායේ මහ නායක අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවා.
උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසදරක ද නිරත වුණා. නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනාකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පළකළා.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා රචිත කොටුගොඩ ධම්මාවාස මහ නායක හාමුදුරුවෝ ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු වුණා.
එමෙන්ම හිටපු අමාත්‍ය ආර් ඒ ඩී සිරිසේන මහතා සංස්කරණය කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලිය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා.