මංගල උත්සව ක්ෂේත්රයේ රැකියාවල නිරත වූවන් මුහුණපා සිටින ගැටලුවලට පිළියම් ලබාදියහැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ එම ක්ෂේත්රයේ නියුතු වූවන් සමඟ පැවති සාකච්ඡාවකදී.
මංගල උත්සව ක්ෂේත්රයේ රැකියාවල නිරත වූවන් හා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාව පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීයි. රූපලාවන්‍ය , කොණ්ඩා සැකසුම් , ඡායාරූප හා වීඩියෝ කැමරාකරන ශිල්පීන් , හෝටල් සහ උත්සවශාලා හිමියන් හා ආහාර සපයන්නන් ආදී මංගල ක්ෂේත්රයේ රැකියාවල නියුතු ලක්ෂ 4 කට අධික පිරිසකගේ ආදායම් ඇහිරී ඇති බව මෙහිදී සඳහන් කෙරුණා. සිය ආදායම්මාර්ග අහිමිවීමෙන් ව්‍යාපාර පවත්වාගෙන යන ස්ථාන සඳහා කුලී ගෙවීම මෙන්ම ලබාගෙන ඇති ණය පියවීම , ණය කාඩ්පත් සඳහා මුදල් ගෙවීම ඇතුළු දුස්කරතා රැසකට තමන් මුහුණදී සිටින බව සාකච්ඡාවට එක්වූ පිරිස අග්‍රාමාත්‍යවරයා හමුවේ කියාසිටියා. කොරෝනා වෛරසය පාලනයට රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සිය වෘත්තීන්ගෙන් ඉවත්වෙමින් මංගල උත්සව ක්ෂේත්‍ර යේ රැකියාවල නිරත වූවන් මෙහිදී දැක්වූ සහයෝගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගය කළා.
වෛරසය පාලනය කරමින් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය කටයුතු කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මෙය සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කළ යුතු අවස්ථාවක් බවද පෙන්වා දුන්නා. එම ක්ෂේත්රයේ නිරත වන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැටලු ඇති නොවන ආකාරයේ විසදුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.