ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහානිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කෑගල්ලේ පඤ්ඤාරාම ස්වාමීන්වහන්සේ අපවත් වුණා.
ගාල්ල කනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ පූජ්‍ය කෑගල්ලේ පඤ්ඤාරාම ස්වාමීන්වහන්සේ අපවත් වන විට 69 වන වියේ පසුවුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට කනම්පිටිය භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්විමට නියමිතයි.