ඇඳිරිනීතිය හේතුවෙන් ගම්බිම් බලායාමට නොහැකිව කොළඹ රැඳී සිටි දහසකට ආසන්න පිරිසක් ගම්බිම්කරා පිටත්කර හැරීම සිදුවුණා.
කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටි මෙහෙයුම් කාර්යාලයයි ඊට අවශ්‍ය වැඩපිළිවෙළ සම්පාදනය කළේ. පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පොළේදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූ අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ෆෝස් රොෂාන් ගුණතිලක , අග්‍රාමාත්‍ය කාර්යාල සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.