මේ දින වල පවතින අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල ප්රමාණය ඉහළ යමින් පවතී.
මේ නිසා ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කළුතර පාලම අසල නිර්මාණය වී ඇති වැලි පරය කපමින් එම බාධාව ඉවත් කර කළු ගඟේ ජලය මුහුද වෙත පහසුවෙන් බැස යාමට හැකි වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෝය කට පුළුල් කිරීම අද දින සිදු කෙරිණා.