කොටගල රෝග්ගිල් තේ වත්ත ප්‍රදේශයේ වතු නිවාසව 50 ක් ජලයෙන් යටවීම නිසා පවුල් 50ට අයත් පුද්ගලයින් 180 ක් පමණ අසීරූතාවයට පත්වු බව තිබෙනවා.
අද (19) පෙරවරුවේ ඇද හැළුන ධාරාණිපාත වර්ෂාවත් සමග ඩෙවෝන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කොටගල වගුරුබිම හා ඔය පිටාර ගැලීම හේතුවෙනුයි කොටගල රොග්ගිල් තේ වතුයායේ පහත් බිම්වල පිහිටි වතු නිවාස මලෙස ජලයෙන් යටවුණේ.
අවතැන් වු පිරිස එම වතුයායේ සංස්කෘතික ශාලාවේ හා පාසලේ නවාතැන් ගැන්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කොටගල ප්රාදේශය සභාව පවසයි.