ලබන මැයි 31 වන දිනෙන් පසු රටේ දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ ඉන්දීය රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ඉතා අවධානම් කලාප සහ සාමාන්‍ය කලාප ලෙස ප්‍රදේශ නම්කර එම ප්‍රදේශවල තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් දෛනික සේවා සක්‍රීය කිරීමට ඉන්දීය රජය තීරණයකර තිබෙනවා. ඒ අනුව අදියර 4 ක් යටතේ යළි රට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සැළසුම් රජය හා සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට සකස්කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.