ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු ඒකාබද්ධ රජයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.
අවුරුද්දකටත් අධික කාලයක් පුරා පැවති දේශපාලන අස්ථාවර භාවය අවසන් කරමිනුයි මෙලෙස ඊශ්රායලය නව රජයක් බිහිකිරීමට පියවර ගත්තේ. විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් සමඟින් බලය බෙදා හැරීමේ ගිවිසුමකට මෙහිදී අත්සන් තැබුණා. 1996 වසරේදී ප්රථමවරට අග්රාමාත්ය ධුරයට පත් වූ නෙතන්යාහු වැඩිම කාලයක් ඊශ්රායලයේ අග්රාමාත්ය ධුරය දරන පුද්ගලයාද වනවා. එහෙත් එළඹෙන සතියේදී ඔහුට විරුද්ධව එල්ල වී ඇති දූෂණ චෝදනා විභාග කිරීමට නියමිතයි.