අන්තර් පළාත් ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකාය හෙට රැස්වීමට නියමිතයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සීමා කරන ලද පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකාය පත්කෙරුණා. එහි පළමු රැස්වීම හෙට පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අන්තර් පළාත් ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශවල අදහස් විමසීම ඇතුලු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.