ඇෆ්ගනිස්ථාන ජනාධිපති බලය බෙදා හැරීමේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
දීර්ඝ කාලයක් පුරා පැවති දේශපාලන අස්ථාවර භාවය අවසන් කරමිනුයි මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ. ජනාධිපති අශ්රෆ් ගහානි හා විපක්ෂයේ අබ්දුල්ලා අබ්දුල්ලා අතරයි මෙම බලය බෙදා හැරීමේ ගිවිසුමට අත්සන් තැබුණේ. ඒ අනුව විපක්ෂයේ අබ්දුල්ලාගේ කණ්ඩායමට කැබිනට් ඇමතිකම් කිහිපයක්ද හිමි වීමට නියමිත අතර තලෙයිබාන් සංවිධානය හා සාකච්ඡා මෙහෙයවීමේ බලය ද හිමිවනවා. වසර 19 ක් පුරා ඇෆ්ගනිස්ථානයේ පවත්නා යුද්ධයට විසදුම් ලබාදීමේ අරමුණින් පසුගිය වසරේදී තලෙයිබාන් සංවිධානය සමඟින් සාකච්ඡා ආරම්භ කළා.