fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිය බිඳ වැටීම් 50,000ක් යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 11:22

ඊයේ පස්වරුව වන විට විදුලිය බිඳ වැටීම් පනස් දහසක් යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය පවසනවා.

අම්ෆන් සුළි කුණාටුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය අධික සුළං හේතුවෙනුයි විදුලිය බිඳ වැටීම් සිදුවුණේ. විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම විදුලිය බිඳ වැටීමට ප්‍රධාන හේතුවයි.

කෙසේ වෙතත් පැය 24 ක් තුළ අදාළ නිවාසවල විදුලිය යථා තත්ත්වයට පත් කරන ලෙස තමන් විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. තවදුරටත් ඇතිවන අයහපත් කාලගුණයෙන් විදුලිය සැපයීමට බාධා සිදුවන්නේ නම් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සේවක පිරිස් පැය 24 පුරා සීරුවෙන් තබා ඇති බව විදුලි බල මණ්ඩලය අමාත්‍යවරයාට දන්වා තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo