fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාරක්‍ෂිත මැණික් පතලකට ඇඳ වැටී කුඩා දැරියන් දෙදෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 10:38

දරුවන් මල් වැනි යැයි කියන්නේ ඔවුන් සුන්දර නිසාම පමණක් නෙවෙයි. පරිස්සමින් රැක බලාගත යුතු ද නිසායි. මල් වැනි දරුවන් ඇස් දෙක මෙන් රැක බලා ගැනීම දෙමව්පියන්ගේ වගකීමයි. වැඩිහිටි දෑස් මානයෙන් ගිලිහුණු මල් කැකුළු දෙකක් පරවුණු පුවතක් පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බකමූණ පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිඔය අතරගල්ලෑව ප්‍රදේශයේ නිවසක් පිටුපස පවත්වාගෙන ගිය අනාරක්‍ෂිත මැණික් පතලකට ඇඳ වැටීමෙන් කුඩා දැරියන් දෙදෙනෙකු මිය ගියා. වයස අවුරුදු හතක හා තුනක මෙම සිඟිති දියණියන් දෙදෙනා අනතුරට මුහුණ පා ඇත්තේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදීයි. එම අවස්ථාවේ දැරියන්ගේ මව තම අත දරුවාට කිරි පොවමින් සිට තිබෙනවා. එම කාර්යය අවසන් කර දියණියන් දෙදෙනා සොයන විටත් ඔවුන් මේ ලෝකය අතහැර ගොස් තිබුණා. පතල් වළට වැටී සිටියදී ගොඩගෙන බකමූණ දිසා රෝහලට රැගෙන එන විටත් ජීවිත හැර ගොස් තිබූ දැරියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද සිදුකෙරෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්