fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 16:29

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද දින කුඩා ඔය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් සොයා ගැනීමට සමත් වුණා.

රට තුල පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටිනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව කුඩාඔය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද සිදුකළා.

එහිදී නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් දැක මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක ගමන් කල පුද්ගලයෙකු ත්‍රීරෝද රථය අතහැර පලා ගොස් ඇති අතර, ඒ අනුව අදාල සැකකටයුතු ත්‍රීරෝද රථය (01) පරීක්‍ෂා කිරීමේදී එහි තිබී දේශීය ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 345ක පමණ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. පසුව අදාල දේශීය ගංජා ප්‍රමාණය සහ ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

ඒ අනුව මේ වන විට පලාගිය සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, අත් අඩංගුවට ගත් අදාල දේශිය ගංජා ප්‍රමාණය සහ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කුඩා ඔය පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 16:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්