fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැටුප පරිත්‍යාග කරන ලෙස කළ ඉල්ලීම හමුදාවට සහ පොලීසියට අදාල නොවේ

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 18:33

වැටුප පරිත්‍යාග කරන ලෙස කළ ඉල්ලීම හමුදාවට සහ පොලීසියට අදාල නොවේ

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුපෙන් අඩක්, සතියක හෝ දිනක වැටුප් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම අරමුදලට ලබා දෙන ලෙස කළ ඉල්ලීම සන්නද්ධ හමුදාවට සහ පොලීසියට අදාළ නොවන බව ආරක්ෂක ආමාත්‍යාංශය නිවේදනය කරනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාව මගහරවා ගැනීම සදහා මැයි මස වැටුපෙන් අඩක්, සතියක හෝ දිනක වැටුප ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමෙ‍න් පසු ඊට අදාළව ආයතන ප්‍රධානීන් වෙත චක්‍ර ලේඛයක්ද යවා තිබෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ සම්බන්ධයෙන් විශේෂ නිවේනදයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ එම ඉල්ලීම සන්නද්ධ හමුදාවට සහ පොලීසියට අදාළ නොවන බවයි.

එම කණ්ඩායම්වල දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙසට නියෝග කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවද ඒ මහතා සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 18:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්