fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 19:01

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම්

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ඉදිකරීම් නවතා දමා තිබූ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු ආරම්භ කිරීම සදහා සියල්ල සූදානම් බව අමාත්‍යවරයා සදහන් කළා. අක්කර 26 ක භූමි ප්‍රමාණයක් ඒ සදහා වෙන් කර තිබෙනවා.

දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි පදිරී ක්‍රීඩාංගනය සකස් කරන බවයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ. පළමු අදිරය යටතේ නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සකස් කෙරෙනවා. දෙවන අදියර යටතේ ආසන විසිදහසක් එක් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ. සියලු නවීන පහසුකම්වලින් ක්‍රීඩාංගනය සමන්විත බව ද අමාත්‍යවරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්