fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම විනාඩි 08කට වරක්ම ඉන්දියාවේ දරුවෙකු අතුරුදන්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 18:36

සෑම මිනිත්තු අටකට වරක් ඉන්දියාවේ දරුවෙකු අතුරුදන්වන බව වාර්තා වනවා.

දිගු කළෙක සිට සිදුවන ළමා ජාවාරම් රැල්ලක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස දරුවන් පවුල්වලින් වෙන් කොට පැහැර ගෙන යෑම සිදුවනවා. මෙලෙස පැහැරගෙන යන දරුවන් බලහත්කාරයෙන් ගෘහස්ථ වහල්භාවයට මෙන්ම ලිංගික වෙළෙඳාම සඳහා යොමු කිරීම සිදුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මෙම ජාවාරම වඩාත් ඉහළ ආදායම් ඉපැයිය හැකි මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා. ළමයින්ට එරෙහිව සිදුවන මෙම අපරාධ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් වාර්තා කිරීම හෝ දේශපාලනික මැදිහත් වීම් සිදුකිරීම ඉතාමත්ම අල්ප බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 18:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්