fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වාසයක් නැතැයි කියා ට්‍රම්ප් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්ස්පෙක්ටර් ජෙනරාල්වත් ගෙදර යවයි

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 12:13

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්ස්පෙක්ටර් ජෙනරාල් ලෙස කටයුතු කරන ස්ටීව් ලින්ක් දින 30 ක් තුළ ධුරයෙන් නෙරපා දමන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ. ඔහු පිළිබඳ තවදුරටත් පූර්ණ විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සැකකටයුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ස්ටීව් ලින්ක් විමර්ශන ආරම්භ කර තිබුණා. ඔහු ඉවත් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට එයද හේතුවක් වන බව වාර්තා වනවා. පසුගිය කාලය තුළ  ඇමෙරිකා ජනාධිපතිවරයා නිලධාරීන් කිහිප දෙනෙකු විවේචනයට ලක් කර ඔවුන් ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්