fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 17:38

හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලැබුවා.

කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයෙහි සිටි පිරිසක් අතර ඊයේ (15) රාත්‍රී 9.30 ට පමණයි මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ. සිද්ධිය වන අවස්ථාවේ පිරිස බීමත්ව සිටි බවද හෙළිව තිබෙනවා.

ආරවුල දුරදිග යාමත් සමග එක් පුද්ගලයෙකු යකඩ මිටියකින් කළ පහරදීමෙනුයි දෙදෙනෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇත්තේ. සැකකරු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගැණුනා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 17:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්